තම රටේ පුරවැසියන් චීනයේ සංචාරය කිරීමට අදාළව නිකුත් කර ඇති අවවාදාත්මක උපදෙස් ලිහිල් කිරීමට ඇමරිකාවේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාරය දක්වයි. එරටට එවැනි උපදෙස් හැකි ඉක්මනින් අහෝසි කළ හැකි වනු ඇති බවට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාෂිකා Mao Ning මහත්මිය ඊයේ(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අපේක්ෂා පළ කළාය.
ඇමරිකානු නිත්‍ය උප රාජ්‍ය ලේකම් Kurt Campbell මහතා ඊයේ(09) පැවසුවේ එවැනි උපදෙස් දෙරටේ ජනතාව අතර සිදු කෙරෙන හුවමාරුවලට බාධා එල්ල කළ හැකි බවයි.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු එවැනි උපදෙස් හා ශ්‍රේණිය පදනම් විරහිත බව Mao Ning මහත්මිය පැවසුවාය. එය චීනයට පැමිණීමේ අපේක්ෂාවන් සහිත ඇමරිකානු ජනතාව බියට පත් කරන්නකි. අදාළ උපදෙස් අහෝසි කරන ලෙසත් වැරදි ශ්‍රේණි ඇගැයුම යළිත් සකස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කියා සිටියාය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය