සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. ඊයේ (13) සිංගප්පූරු ජනපති මන්දිරයේදී ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Tharman Shanmugaratnam මහතා වෙත බාර දුන්නේ ය.ඒ සමග Lee Hsien Loong මහතා සහ ඔහුගේ රජය ඉල්ලා අස් වනු ඇත.
Tharman Shanmugaratnam ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් බාර ගෙන තිබේ. එම ඉල්ලා අස්වීම් හෙට (15) සිට ක්‍රියාත්මක බවත්, Lawrence Wong මහතා නව අගමැතිවරයා වශයෙන් පත් කිරීමට තීරණය කළ බවත්, ඔහු ප්‍රකාශ කර ඇත. සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට ද නියමිත ය.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ
චීන හා පින්ලන්ත ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන – පින්ලන්ත ජනපති ආර්යාවන් සුහද පිළිසඳරක