ණය ගෙවීම නැවත ආරම්භ වී ආනයන සීමා ලිහිල් කළ පසු ශ්‍රී ලංකා රුපියල නැවතත් අවප්‍රමාණය වනු ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
භාණ්ඩ ආනයනය සීමා කිරීම හා විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම හේතුවෙන් රට තුළ පවතින ආර්ථික ස්ථාවරත්වය තාවකාලික තත්වයක් බව ද හෙතෙම කියා සිටියි.
ඒ මහතා මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
More Stories
$ ඩොලරයේ වාසිය ළඟදීම ජනතාවට
මෙරට අපනයන ප්‍රමාණය ඉහළට