Lanka Plus News

www.lankaplusnews.com

හදිසි නීතිය බලාත්මකයි ?

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම පහට අවසන් කෙරුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මෙම ඇඳිරි නීති නියමය ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළා.

පැවති තත්ත්වය හමුවේ ඊයේ දහවල් බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබූ අතර හදිසි නීතියද යලි බලාත්මක කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි අද අලුයම 5න් අවසන් වන ලෙස මුළු දිවයිනටම ඇදිරි නීතිය පනවනු ලැබුවේ.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ, ඇදිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් අද උදෑසන සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරවන බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com