ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ කොටසක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරඟාවලියෙ පැවැත්වෙන ක්‍රීඩාංගන තීරණය කර තිබෙනවා.
තරගාවලිය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විතයි. පළමු එක්දින තරගය 2022 ජනවාරි 16 වැනිදා පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙලින් ජනවාරි 18 සහ ජනවාරි 21 දෙදින පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 10 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට