ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සංශෝධනය කරන බව ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවසනවා.
පසුගිය බදාදා සභාගත කෙරුණු එහි මුල් කෙටුම්පත සංශෝධනය කෙරෙන්නේ ශ්‍රී ලංකාව සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂිෆ් ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව අදාළ වෙනස්කම් ඇතුළත් කර අවසන් කෙටුම්පත සකස් කිරීමට සති 3 ක් පමණ ගතවනු ඇති බවයි.
ශ්‍රී ලංකාව විරෝධතා ඉදිරිපත් කල ද වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට පියවර ගනු ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
අදාළ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආකෘති කිහිපයක් සම්බන්ධයෙන් ද මානව හිමිකම් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු