මෙම වසර, චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ “වඩාත් සමීප පොදු ඉරණමක් සහිත චීන-ආසියන් සංගම් ඒකකය ගොඩනැගීම” 10 වැනි සංවත්සරය බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා අන්‍යෝන්‍ය සබඳතා සහ සන්නිවේදනය පිළිබඳ ආසියන් සංගමයේ 2025 සැලැස්මට අනුව චීන-ආසියන් සංගම සහයෝගිතා හා පොදු ජයග්‍රහණ ප්රතිලාභ වැඩි කිරීමට චීනය කැමැත්තෙන් සිටී.
ආසියන් සංගමයේ සාමාජික රටවල්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල අධික ගුණාත්මක භාවයෙන් යුතු පොදු සංවර්ධනයේ ප්රමුඛ දිශාව හා වැදගත් කලාපය බවට පත් වේ. පසුගිය වසරේ කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම ක්‍රියාත්ක කිරීමත් සමග චීනය හා ආසියන් සංගමයේ රටවල් අතර වෙළඳ ගනුදෙනු සියයට 15කින් වර්ධනය වී තිබේ. වසර 3ක් පුරා දෙපාර්ශ්වය අන්‍යේන්‍ය වශයෙන් විශාලතම වෙළඳ හවුල්කාරී පාර්ශ්ව බවට පත්ව තිබේ. මෙම වසරේ මුල් මස 5 තුළ දෙපාර්ශ්වයේ ආනයන හා අපනයන ප්‍රමාණය සියයට 9.9කින් වර්ධනය වී තිබේ. එම වර්ධනය මගින් කලාපීය ආර්ථික ඒකීයකරණය හා ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය ස්ථාවර ප්‍රවර්ධනය වෙමින් ගෝලීය හා කලාපීය ආර්ථික පුනරුත්ථාපනයට නව ගාමක බලවේගය බවට පත්වන බව Wang Wenbin මහතා කීය.
වර්ධනය වන චීන ආසියාන් සහයෝගතාව

More Stories
චීන ජනපති Shanxi හිදී ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
ගෝලීය අභියෝග හමුවේ බ්‍රික්ස් සහයෝගීතා වර්ධනය චීන අගමැති අවධාරණය කරයි
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි