චීන රජයේ ප්‍රසම්පාදන කටයුතුවලදී යුරෝපා සංගමයෙන් ආනයනය කෙරෙන වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගෙන ඇති අදාළ පියවර පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දේ.
යුරෝපා කොමිසම චීන සමාගම් සහ නිෂ්පාදන එහි වෛද්‍ය උපකරණ මහජන ප්‍රසම්පාදනයට සහභාගී වීම සීමා කිරීමට පසුගිය ජුනි මස 20වනදා පියවර ගත්තේය. ද්විපාර්ශ්වික සංවාද හරහා චීනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ සංවාද හා සාකච්ඡා සහ දෙරටේ රජයන්හි ප්‍රසම්පාදන විධිවිධාන සැකසීම හරහා යුරෝපා සංගමය සමඟ ඇති අදාල මතභේද නිසි ලෙස පාලනය කිරීමට කැමැත්තෙන් සිටින බවයි.
චීනයේ ස්ථාවරය නොසලකා හැර යුරෝපා සංගමය නව ආරක්ෂණවාදී බාධා ගොඩනැගීම සඳහා සීමාකාරී පියවර තවදුරටත් අනුගමනය කිරීම කණගාටුවට කරුණකි. එබැවින්, අන්‍යෝන්‍ය වශයෙන් සීමාකාරී පියවර ගැනීමට චීනයට සිදුව තිබේ. ඒ, චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සාධාරණ තරඟකාරී පරිසරයක් පවත්වා ගැනීම සඳහාය. චීනයේ පියවර යුරෝපා සංගමයෙන් ආනයනය කෙරෙන වෛද්‍ය උපකරණයන්ට පමණක් බලපාන අතර, චීනයේ යුරෝපා අරමුදල් සහිත ව්‍යවසායන්හි නිෂ්පාදනවලට බලපෑමක් සිදු නොවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
More Stories
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි
ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි
බ්‍රික්ස් රටවල් ගෝලීය ආර්ථික සංවර්ධනයට ලබාදී ඇති දායකත්වය විශාලයි – බ්‍රසීල ජනපති