Lanka Plus News

www.lankaplusnews.com

යළිත් පාසල් වැසෙයි

රජයේ සහ රජයේ අනුමත සියළු පාසැල් හෙට දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පවතින ඉන්ධන ගැටළුව සහ ඒ හේතුවෙන් මගී ප‍්‍රවාහන සේවාවන් වලට බාධා එල්ල වීමෙන් මෙලෙස හෙට පාසල් වසා තැබීමට හේතු වී ඇති බවයි.

මේ අතර හෙට දිනයේ සිට සෑම සතියේ දිනකම සිකුරාදා දිනය අත්‍යාවශ්‍ය සේවකයින්ට හැර සෙසු රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස ගැසට් මඟින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com