Lanka Plus News

www.lankaplusnews.com

බ්‍රික්ස් රටවල් ගෝලීය ආර්ථික සංවර්ධනයට ලබාදී ඇති දායකත්වය විශාලයි – බ්‍රසීල ජනපති

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හිදී බ්‍රික්ස් ව්‍යාපාරික සංසදය පසුගිය දා(05) ආරම්භ විය. බ්‍රසීල ජනාධිපති Lula da Silva මහතා සහ උප ජනාධිපති Geraldo Alckmin මහතා එම සංසදයේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

සිය ආරම්භක කතාවේදී, ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා බ්‍රික්ස් රටවල්වල වැදගත් දායකත්වය අවධාරණය කළ Lula ජනාධිපතිවරයා, වත්මන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40% කට බ්‍රික්ස් සාමාජිකයින් දායක වන බව ද පැවසීය.

ගෝලීය ආරක්ෂණවාදය මතුවෙමින් ඇති බැවින්, නැගී එන රටවල් ඒකාබද්ධව ගෝලීය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය නැවත සකස් කළ යුතු බව ඔහු පැවසීය. කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව ගෝලීය සන්ධානයක් ස්ථාපිත කිරීමේදී බ්‍රික්ස් රටවලට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය. කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්, ජෛව ආර්ථිකය සඳහා සංවර්ධන මාර්ග ගවේෂණය කිරීමට සහ දේශගුණික විපර්යාසවල අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමට බ්‍රික්ස් රටවල් එක්ව උත්සාහ කළ යුතු බව ද  Lula මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com