චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලිජියන් මහතා අද (1) චීන පකිස්ථාන සබඳතා සහ “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” ඉදිකිරීම පිළිබඳ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” යනු “චීන පාකිස්ථාන සබඳතාවන්හී වැදගත් නියමු ව්‍යාපෘතියක් බවයි.
“එක් තීරයක් ඒක් මාවතක්” වැඩපිළිවෙලේ ප්‍රථම ව්‍යාපෘතියක් වන “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” ආරම්භ කිරීමේ සිට, එය පාකිස්තානයේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර ඇති අතර ධනාත්මක ආර්ථික හා සමාජීය බලපෑම් ද ඇති කර තිබේ.
පාකිස්ථානයේ ආයෝජනය කිරීමට සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ, ජයග්‍රාහී ප්‍රතිඵල සහ පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට චීන රජය චීන ව්‍යවසායන්ට අඛණ්ඩව සහාය දෙන බව චාඕ ලිජියන් මහතා අවධාරණය කළේය.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්