විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පැවති තරගයේදී කඩුලු 5ක ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය.
මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 147ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස පාකිස්තානය පන්දු ඕවර 19කදී කඩුලු 5ක් දැවී ලකුණු 148ක් ලබාගැනීමට සමත් විය.
බාබර් අසාම් ලකුණු 51යි.
පන්දු 7කදී නොදැවී ලකුණු 25ක් ලබාගත් අසිෆ් අලී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
ඒ අනුව සුපිරි 12 වටයේ තමන් සහභාගී වූ තරග 3ම ජය ගැනීමට පාකිස්තානය සමත් වී තිබේ.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට