ගම්පහ දිස්ත්රික්කයේ පදිංචි වයස අවුරුදු 13 ක දැරියක් අපහරණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් ඊයේ (18) දින අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මොවුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු