චීනය විසින් සිය රටේ ප්‍රාන්තයක් ලෙස සළකන තායිවානය ආක්‍රමණය කළහොත් එය, රැකගැනීම සඳහා ඉදිරිපත් වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.
එය, ඇමරිකාව අනුමත කරන එක් චීනයක් සඳහා වන ප්‍රතිපත්තියෙන් ඉවත්වීමක් ලෙසයි දේශපාලන විචාරකයන් හැඳින්වූයේ.
කෙසේ වෙතත් ධවල මන්දිරය පසුව ප්‍රකාශ කලේ තායිවානය චීන ආක්රමණවලින් මුදාගැනීමට තීරණය කලද සිය ප්‍රතිපත්ති වලින් ඉවත්වීමක් සිදුනොවන බවයි.
චීන යුද ගුවන් යානා විසින් තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කිරීම පසුගිය කාලය තුළ දිගින් දිගටම වාර්තාවුණා.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්