‘චීන-මධ්‍යම ආසියා එකතුව පුළුල් කරමින් කලාපීය සහයෝගිතා ඉහළ මට්ටමක් දක්වා සංවර්ධනය කිරීම තහවුරු කළ යුතුයි’යන මැයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දේශනයක් පවත්වයි. ඒ අද(17) සවස කසක්ස්ථානයේ අස්ටානා හි නිදහස් මාලිගාවේ පැවති දෙවන චීන-මධ්‍යම ආසියා සමුළුවට එක්වෙමින්.
මෙවර සමුළුවට සහභාගී වීමට ලැබීම පිළිබඳව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රසාදය පළ කළේය. කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සහ එරට රජයේ ඉහළ පිළිගැනීම සම්බන්ධයෙන් ද ෂී ජින්පිං මහතා සිය කෘතඥතාව ද ප්‍රකාශ කළේය.

වසර දෙකකට පෙර, මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායකයන් චීනයේ Xi’an නගරයට රැස්ව චීන-මධ්‍යම ආසියා සහයෝගිතාවය සඳහා වන ‘Xi’an ඉදිරි දැක්ම’ නිරූපණය කළ බව හෙතෙම පැවසීය. ගතවූ වසර දෙක තුළ, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමෙන් වෙළඳ වටිනාකම 35%කින් වර්ධනය වී ඇත. චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, චීන-කසක්ස්ථාන තෙවැනි දුම්රිය මාර්ගය, චීන-ටජිකිස්ථාන මහා මාර්ගයේ දෙවැනි අදියරේ පුනරුත්ථාපන මෙහෙවර, චීන-ටර්ක්මෙනිස්ථාන බලශක්ති සහයෝගිතාව සහ චීන-මධ්‍යම ආසියා යාන්ත්‍රණය ඇතුළු විවිධ ව්‍යාපෘතියන් හි ප්‍රගතීන් ෂී ජින්පිං මහතා සිහිපත් කළේය.
මේ යටතේ, අන්‍යෝන්‍ය වශයෙන් ගරුත්වය දක්වමින් සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභවලට අහිතකර අයුරින් ක්‍රියා නොකළ යුතුය. පොදු සංවර්ධනයේ රැඳී සිටිය යුතු බවත් එකිනෙකාට සහාය දැක්විය යුතු බව මෙන් ම කලාපීය ආරක්ෂාව පොදුවේ සුරැකිය යුතු බවත් චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
වසර තුනකට පෙර, හවුල් අනාගතයක් සහිත චීන-මධ්‍යම ආසියා ප්‍රජාව ගොඩනගන බව ප්‍රකාශයට පත් කෙරිණ. මේ අනුව, රටවල් හයේ එක්සත්භාවයේ රැඳී සිටිය යුතු මුල් අභිලාෂය තහවුරු කළ යුතුයි. ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් පුළුල් සහයෝගිතා ක්‍රියාමාර්ග වැඩිදියුණු කළ යුතු අතර, සාමකාමීත්වය, සබැඳියාවකින් යුත් සුරක්ෂිතභාවයක් ඇති කර ගත යුතු ව ඇත. එමෙන් ම, මානව සංහිඳියාව සහතික කරමින් සාධාරණ, යුක්ති සහගත ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා යෝජනා කළේය.
මෙම වසර, චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීමේ 80 වැනි සංවත්සරය මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80 වැනි සංවත්සරය සනිටුහන් කරන බව හෙතෙම කියා සිටී. නිවැරදි ඓතිහාසික දැක්ම පුළුල් කරමින් දෙවන යුද්ධය ජය ගැනීමේ ප්‍රගතීන් ආරක්ෂා කළ යුතුයි. විවිධ පාර්ශ්වයන් සමග එක්ව ‘චීන-මධ්‍යම ආසියා චින්තනය’ ශක්තිමත් කරමින් චීනය හා මධ්‍යම ආසියානු රටවල් අතර සහයෝගිතා තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට චීනය සූදානම් බව ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් ප්‍රකාශ කළේය.
More Stories
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ 10වැනි පාලක මණ්ඩලයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන අගමැති එක්වෙයි
අසත්‍ය තොරතුරු බෙදා හරිමින් නේටෝවට ලෝවැසියන් රැවටිය නොහැකිය — චීනය
චීනයට සිය ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ විශ්වාසයක් මෙන්ම හැකියාවක් ද පවතී– චීන අගමැති