Lanka Plus News

www.lankaplusnews.com

චීන ජනපති Shanxi පළාතේ නිරීක්ෂණ චාරිකාවක

සම්පත් මත පදනම් වූ ආර්ථිකයක පරිවර්තනය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී නව ප්‍රවේශයක් සඳහා උත්සාහ කරන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

හෙ‍තෙම ‍මේ දිනවල Shanxi පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මේ බව පැවසීය.

පසුගිය 7 සහ 8 දිනවල ෂී ජින් පිං මහතා පිළිවෙලින් Yangquan නගරයේ සහ Taiyuan අගනගරයේ නිරීක්ෂණ චාරිකාවල නිරත විය.

හෙතෙම පසුගිය07 පස්වරුවේ Yangquan නගරයේ පිහිටි Hundred Group Battle හෙවත්‘Baituan’ සටන් ස්මාරකය වෙත පැමිණ සටනට දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීය. එම සටන් අනුස්මරණ ශාලාව නැරඹූ හෙතෙම, ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් හා වීරයන් සිහි කළේය. යුද සෙබළුන් හා මහජනතාවගේ දැවැන්ත එකමුතුවෙන් ඉමහත් ධෛර්යෙන් යුතුව එඩිතරව සතුරන් පරාජයට පත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය නායකත්වය ලබා දීමේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් ආක්‍රමණයට එරෙහි සටන් වැදීමේ ජීවගුණය උරුම කර දීමේ තත්ත්වයන් ද ෂී ජින්පිං මහතා එහිදී විමසා බැලීය.

Shanxi පළාතේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනය හා ඉහළ නැංවීම වේගවත් කිරීමේ හා ඉහළ මට්ටමේ සංවර්ධනය තහවුරු කිරීමේ තත්ත්වයන් විමසා බැලීම සඳහා ඊයේ පස්වරුවේ හෙතෙම එම පළාතේ Yangquan වේල්ව් සමාගමට පැමිණියේය. එහි කර්මාන්ත ශාලාව හා නිෂ්පාදන නැරඹූ ෂී ජින්පිං මහතා එහි සේවක සේවිකාවන් සමග සුහද පිළිසඳරක නිරත විය.

අද(8) පෙරවරුවේ ෂී ජින් පිං මහතා Shanxi පළාත් චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සහ පළාත් රජයේ රාජකාරී වාර්තාවලට සවන් දුන් අතර, ෂැන්සි හි සියලු අංශවලින් ලබා ඇති ජයග්‍රහණ තහවුරු කරමින්, ඊළඟ පියවරේ දී ඉටුකළ යුතු කාර්යන් ඉදිරිපත් කළේය.

පළාතේ මධ්‍යම කලාපයේ වේගවත් නැගීම, කහ ගංගා ද්‍රෝණියේ පාරිසරික ආරක්ෂාව හා උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ උපායමාර්ගික යෙදවීම් තරයේ ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්ම නිවැරදිව සහ පුළුල් ලෙස ක්‍රියාත්මක කරන අතර Shanxi පළාතේ දී චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට උත්සාහ කරන්නැයි ද චීන ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com