චීන අගමැති Li Qiang මහතා යුරෝපා මහ බැංකුවේ සභාපතිනි Christine Lagarde මහත්මිය හමුවෙයි. එම හමුව ඊයේ (12) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු විය.
චීන-යුරෝපා සංගම් සබඳතා ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවලින් එකක් බවට පත්ව ඇති බව Li Qiang මහතා එහිදී පැවසීය. මෙම වසර චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරයි. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ගැනීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට චීනය යුරෝපා සංගමය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
ප්‍රධාන ආර්ථිකයන් දෙකක් සහ ප්‍රධාන බලවේග දෙකක් ලෙස චීනය සහ යුරෝපා සංගමය බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කර විවෘත සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බව Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේය. චීනය විවෘතභාවය ස්ථිරවම පුළුල් කරන බවත් අනෙකුත් රටවල් සමඟ සංවර්ධන අවස්ථා හුවමාරු කර ගන්නා බවත් ඔහු පැවසීය.
මෑත වසරවලදී චීනයේ නවෝත්පාදන සංවර්ධනය සහ ව්‍යවසාය තරඟකාරිත්වය ආකර්ෂණීය තත්ත්වයක පවතින බව Christine Lagarde මහත්මිය එහිදී පැවසුවාය.
චීනය සමඟ එක්ව මහ බැංකු සභාපතිවරුන් හමුවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සහ පසුගිය 11වැනිදා එහි පළමු රැස්වීම සාර්ථකව පැවැත්වීම පිළිබඳව ද යුරෝපා මහ බැංකුව සතුටු වන බව ද ඇය වැඩිදුරටත් පවසා ඇත.
More Stories
චීන-අප්‍රිකා ආර්ථික වෙළඳ ප්‍රදර්ශනය චීනයේ Changsha නගරයේ දී ඇරඹේ
වෙළඳ සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් චීනය සමග ඇතිකරගත් එකඟතාවයන් මනා ලෙස ක්‍රියාත්මක කරන ලෙස ගෝලීය ප්‍රතිචාර දැක්වූවන් ඇමරිකාවෙන් ඉල්ලයි
අවහිරතා බිඳ දමමින් ඉදිරියට යන චීන නවීකරණයේ ප්‍රබල ශක්තිය