Lanka Plus News

www.lankaplusnews.com

චමෝදිගේ මරණයට හේතු සෙවීමට කමිටුවක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. 

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම අද දිනයේ පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ(14) සඳහන් කළේය.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබාදුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

ඔහු සඳහන් කළේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැකහැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බවයි.

අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරය පැවසුවේ ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com