කොවිඩ් 19 අවදානම පැතිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියළු ස්ථාන විෂබීජ හරණය කිරීමට නියමිත බව වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකා කණ්ඩායම මුළු මුනින්ම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඔවුන් අනුයුක්ත රාජගිරිය විශේෂ කාර්ය බලකා කදවුරේ අරක්කැමියෙකුට කොවිඩ් ආසාදනය වීමයි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු