කිසිදු අපහාස කිරීමක් හෝ මඩගැසීමක් පිළිනොගන්නා බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අද(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවේ චීනයේ “ඔත්තු සේවා ක්‍රියාකාරකම්” විමර්ශනය කිරීම සඳහා ඩොලර් මිලියන 800ක් වැය කරනු ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සාමකාමී සංවර්ධන මාවතට අනුගත වන චීනය, කිසිදු විටෙක වෙනත් රටකට තර්ජනයක් නොවන අතර අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට කිසිසේත්ම මැදිහත් නොවන බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කළේය. අන්‍යෝන්‍ය ගෞරවය සහ වෙනස්කම් අගය කිරීම මත පදනම්ව චීන-බ්‍රිතාන්‍ය සබඳතා ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටියද, අසත්‍ය චෝදනා පිළිනොගන්නා බව චීනය පවසා ඇත.
More Stories
ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේ දී
රුසියානු-යුක්රේන ගැටුමේ කිසිදු පාර්ශ්වයකට කිසි විටෙකත් මාරාන්තික අවි ආයුධ සපයා නැහැ – චීනය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුමට චීනයේ අඛණ්ඩ සහාය