Lanka Plus News

www.lankaplusnews.com

ඔස්ටේ‍්‍රලියාවේ නව අග‍්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

ඔස්ටේ‍්‍රලියාවේ 31 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස කම්කරු පක්ෂ නායක ඇන්තනී ඇල්බනීසි, අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

ඔහු සමඟ නව අමාත්‍යවරුන් 05 දෙනෙකු දිවුරුම් දුන් බවයි ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කලේ.

නව අග‍්‍රමාත්‍යවරයා ක්වඩ් සංවිධානයේ සාමාජික රටවල් වන ජපානය, අමෙරිකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවීම සඳහා හෙට ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

යළිත් බදාදා දිනයේ ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන ඇල්බනීසි ඉදිරි සති කිහිපයේදී සියලු ප‍්‍රාන්ත නායකයන් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය සෙනසුරාදා පැවති ෆෙඩරල් මහ මැතිවරණයෙන් ඇන්තනී ඇල්බනීසිගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය ජයග‍්‍රහණය කලේ වසර 09 ක් පැවති ලිබරල් පාලනය පරාජය කරමින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com