Lanka Plus News

www.lankaplusnews.com

එකම චීනය මූලධර්මයේ අන්තර්ගතය ශුන්‍ය කිරීමට තැත් කරන ඇමරිකාවට චීනයෙන් දැඩි විරෝධතා

ඇමරිකාව හා තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයන් අතර ‘21 වැනි සියවසේ වෙළඳ යෝජනාවේ’ පළමු අදියරේ ගිවිසුම, එකම චීනය මූලධර්මයේ අන්තර්ගතය ශුන්‍ය කිරීමට ගත් තවත් උත්සාහයක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.
ඇමරිකානු පාර්ශ්වය මුරණ්ඩු අධිෂ්ඨානයෙන් යුතුව තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය’ සමග ‘21 වැනි සියවසේ වෙළඳ යෝජනාව’පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත. එමගින්, එකම චීන මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කර ඇති අතර, තායිවාන ප්‍රදේශය සමග නිල නොවන සම්බන්ධතාවයන් පමණක් පවත්වා ගෙන යාම පිළිබඳ එරට ලබා දුන් පොරොන්දුවට ද පටහැනි වන්නකි. චීනය මේ පිළිබඳව දැඩි අප්‍රසාදයෙන් සිටින අතර ඇමරිකාව වෙත දැඩි විරෝධය පළ කරන බව ද මාඕ නිං මහත්මිය කියාසිටියාය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com