වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පාසල් අද සිට වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට රාත්‍රී දහයේ සිට අලුයම පහ දක්වා දිනපතා ඇදිරිනීතියද පැනවෙන බව බටහිර බෙංගාල බලධාරීන් නිවේදනය කරනවා. ප්‍රාන්තයේ සියලුම පාසල්, අධ්‍යාපනආයතන, විශ්වවිද්‍යාල, සම්බාහන මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන, පිහිනුම් තටාක, සත්වෝද්‍යාන හා විනෝද උද්‍යාන අද සිට වසා දැමෙනු ඇති.
ආපනශාලා, අවන්හල් හා මත්පැන් අලෙවිසැල් 50%ක ධාරිතාවකින් යුතුව පවත්වාගෙන යා යුතු වනවා. එම ස්ථාන විවෘත කර තැබිය හැක්කේ රාත්‍රි දහය වන තෙක් පමණයි. මේ ආකාරයටම පසුගිය සතියේදී හර්යානා, දිල්ලි, උත්තර් ප්‍රදේශ් හා කර්නාටක යන ප්‍රාන්තවලද නව නිරෝධායන නීති පැනවීම සිදු කෙරුණා.
More Stories
අරාබි රටවලට චීනය අඛණ්ඩව සහාය වන බව චීන අගමැති කියයි
චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 100 ඉක්මවයි
යුරෝපා සංගමය, චීන-යුරෝපා සබඳතාව අඛණ්ඩව ස්ථිර ලෙස සංවර්ධනය කරනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි