ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ සිදුකරන ඕනෑම ආකාරයේ යුද සම්බන්ධතාවකට දැඩි ලෙස විරුද්ධ බව චීනය පවසයි.
ඇමරිකානු ඩොලර් කෝටි 34.5 ක හමුදා ආධාර තායිවාන ප්‍රදේශයට ලබා දීමට ඇමරිකාව තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය දැඩි විරෝධය පළ කරමින් පැවසුවේ ඇමරිකාව තායිවාන ප්‍රදේශයට ආයුධ ලබා දීම එකම චීනය මූලධර්මය සහ දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශන තුන උල්ලංඝනය කිරීමක් බවයි. ඒ පිළිබඳව චීනය ඇමරිකාවට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බව ද චීන විදේශ අමාත්‍යංශය පැවසීය.
තායිවාන ප්‍රදේශය සමග සියලු ආකාරයේ යුද සම්බන්ධතාව ගොඩනැගීම, තායිවාන් සමුද්‍ර සන්ධි තත්ත්වය උග්‍ර කරවීමට උත්සාහ කිරීම සහ ‘තායිවාන් බෙදුම්වාදීන්’ට සහාය වීම වහාම නතර කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශය තවදුරටත් අවධාරණය කළේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි