සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය කඩුළු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 132 ක් ලබාගත්තා ඉන්පසු පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 පන්දුවාරයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 36 ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 40 ක් ලබාගැනීමට සමත් වුණා.
චාමික කරුණාරත්න ලකුණු 12 ක්, වනිදු හසරංග ලකුණු 15 ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 5 ක් ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ එක බැඟින් ජයගෙන තිබෙනවා.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට