අවදානම් කාණ්ඩ ඉලක්ක කරමින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය ඉහළ නංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.
එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ජිනීවා නුවරදී මේ බව කියා සිටියේ යුරෝපයේ කොරෝනා ආසාදනය යළි සීග්‍රයෙන් ඉහළ යාම පිළිබඳ කරුණු දක්වමින්.
පසුගිය සතියේදී පමණක් යුරෝපා කළාපයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන දෙකක් පමණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ගෝලීය වසංගතය ආරම්භයේ සිට මේ දක්වා යුරෝපයෙන් සතියකදී වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාව එය ලෙසයි සැළකෙන්නේ.
ලොව පුරා සෞඛ්‍ය සේවකයන්, වයස්ගත ප්‍රජාව සහ අනෙකුත් අවදානම් කණ්ඩායම් පළමු එන්නත් මාත්‍රාව අපේක්ෂාවෙන් සිටියදී සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ට වර්ධක මාත්‍රාව ලබාදීම හෝ ළමුන්ට එන්නත් ලබාදීම ඵලදායී නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත්තේ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය