එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ කොළඹ සහ නාගරික ප්‍රදේශවල ශාඛා සමිතිවල කටයුතු ඔන්ලයින් සහ ඊ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට සැරසේ.
පක්ෂයට නව මුහුණුවරක් ලබා දීමේ අරමුණින් එම කටයුතු සිදු කිරීම සඳහා සංවිධාන ජාලයක් සැකසීම සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ.
පක්ෂයේ ප්‍රතිසංවිධාන සිදු කිරීම සම්බන්ධයෙන් වන සැලසුම් සහ උපක්‍රම පිළිබඳ වාර්තාවක් සකස් කර එළැඹෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කටයුතු කරමින් සිටිනවා.
වාර්තාව සැකසීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ලබා ගැනෙන අතර, එම වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එහිදී මතු වෙන කරුණු සහ යෝජනා ද ඇතුළත් කෙරෙන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්