අන් අයගේ විදුලි පහන් නිවා දැමීමෙන් තමන්ගේ විදුලි පහන් දීප්තිමත් නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි. අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, “චීනයට අමතර තීරුබදු පැනවීමේදී මෙක්සිකෝව සහ කැනඩාව ඇමරිකාව අනුගමනය කරන බවට ඇමරිකාව කළ යෝජනාව” පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
ඊට ප්‍රතිචාර වශයෙන් Lin Jian මහතා පැවසුවේ වෙළඳ සහ තීරුබදු යුද්ධවල කිසිවිටෙක ජයග්‍රාහකයින් නොමැති බව චීනය බොහෝ වර පවසා ඇති බවයි. සියලුම පාර්ශ්වයන් ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීති සහ වෙළඳපොළ ආර්ථික මූලධර්මවලට අනුකූල විය යුතු අතර, සමාන හා අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවනීය සංවාද සහ උපදේශන මගින් එකිනෙකාගේ ගැටළු විසඳා ගත යුතු ය. එමෙන්ම ඒකපාර්ශ්විකත්වය සහ වෙළඳ ආරක්ෂණවාදය තුළදී ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්