14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය හෙට (05) ආරම්භ වේ. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (4) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්වීය.
සැසිවාරයේ න්‍යාය පත්‍රය සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරමින් එම සැසියේ ප්රවෘත්ති ප්‍රකාශක Lou Qinjian මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය හෙට (05) පෙරවරු 9ට ආරම්භ වී මාර්තු මස 11වැනිදා පස්වරුවේ අවසන් වන බව Lou Qinjian මහතා එහිදී සඳහන් කළේය. ඒ අනුව සැසිවාරය දින 7 ක් පවතින අතර පූර්ණ සැසි 3 ක් සංවිධාන කර ඇත.
රාජ්‍ය කාර්ය වාර්තාව සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම ඇතුළු ප්‍රධාන කාර්යයන් හතක් සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් ය.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ