සිව් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය පැවැත්වෙයි. එය චීන මාධ්‍ය සමූහය හා චීනයේ Shandong පළාතේ මහජන රජය එක්ව පසුගිය දා(25) එම පළාතේ Qufu නගරයේ දී පවත්වනු ලැබීය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සංසදයට එක්වෙමින් පැවසුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළමු වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ බවයි. ඔහුගේ මාර්ගෝපදේශයන්ට අනුව, චීන මාධ්‍ය සමූහය සිය ඒකායන අභිලාෂයන් හි නොසැළී සිටී. ඒ, සහභාගීත්වයෙන් යුතුව විවෘත සංකල්පයෙන් ශිෂ්ටාචාර සංවාද සඳහා අවස්ථා නිර්මාණය කිරීම ය. ශිෂ්ටාචාර සංවාද මත පදනම් කර ගනිමින් මාධ්‍ය ඔස්සේ සංවාද මාවත් ගොඩනැංවීම ද චීන මාධ්‍ය සමූහයේ නොවෙනස් මෙහෙවරකි. විවිධ රටවල මිතුරන් හා එක්ව ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩ ව ශිෂ්ටාචාරාත්මක සවියක් හිමි කර දීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බව ද අධ්‍යක්ෂ ජනරල්වරයා එහිදී සඳහන් කළේය.
මෙවර සංසදයේ ප්‍රධාන තේමාව ‘හුවමාරුව, අන්‍යෝන්‍ය ඉගෙනීම, තාක්‍ෂණය සවිබල ගැන්වීම සහ පරිවර්තනය හා සංවර්ධනය තුළ ශිෂ්ටාචාරයේ බලය’ යන්නයි.

එසේ ම, ‘චීනය සිය අස්පර්ශ උරුම හරහා’ යන රූපවාහිනි වැඩසටහන ලොව විකාශය ඇරඹීම ද එහිදී ක්‍රියාත්මක කෙරිණ.
More Stories
ඇමරිකාව ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් පැනවූ වාරණය තමන්ගේම අනාගතය අර්බුදයකට ඇද දැමීමක්
ජාත්‍යන්තර සමථ මණ්ඩලය චීන හොංකොං විශේ ෂ පරිපාලන කලාපයේ පිහිටුවීමට එකඟතාව
චීන විදේශ අමාත්‍යවරයා සහ සාමය හා සංහිඳියාව පිළිබඳ ආසියානු කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්