14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සභාපති කණ්ඩායමේ ස්ථාවර සභාපතිවරුන්ගේ පළමුවැනි රැස්වීම පැවැත්වෙයි. ඒ ඊයේ(08) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ය. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා එහි මුලසුන දැරීය.
5 වැනි දා චීන අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව අධීක්ෂණය කිරීමේ තොරතුරු, අදාළ සැලසුම් හා පිරිවැය අධීක්ෂණය කිරීමේ ප්‍රතිඵල, අදාළ තීරණ කෙටුම්පත් පූර්ව පිටපත්, චීන ජාතික මහජන කොංග්‍රසයේ හා ප්‍රාදේශීය වශයෙන් විවිධ මට්ටමේ මහජන කොංග්‍රසයේ නියෝජිත නීතිය සකස් කිරීමේ කෙටුම්පත අධීක්ෂණය කිරීමේ ප්‍රතිඵලය ඇතුළු විවිධ කරුණුවලට එහිදී සවන් දී ඇත. එම කෙටුම්පත් හා වාර්තා මෙවර තෙවැනි සැසිවාරයේ සභාපති කණ්ඩායමේ දෙවැනි රැස්වීම වෙත ඉදිරිපත් කිරීම ද එහිදී සම්මත කෙරිණ.
ඉන් පසුව, එම දෙවැනි රැස්වීම ද පැවැත්විණ. එහිදී ඡන්ද විමසීමකින් මීට පෙර පැවති සභාපති කණ්ඩායමේ ස්ථාවර සභාපතිවරුන්ගේ පළමුවැනි රැස්වීමේ දී සම්මත වූ විවිධ කරුණු තවදුරටත් අධීක්ෂණය කරමින් සාකච්ඡා කිරීම සඳහා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට එක්ව සිටින විවිධ නියෝජිත කණ්ඩායම් වෙත ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්