චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිය හෙට(04) සවස 3ට පැවැත්වෙයි. ඒ බෙයිජිං නුවර පිහිටි මහජන මහා ශාලාවේ දී ය.
එම සැසියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Liu Jieyi මහතා අද(03) සවස පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් දෙස්-විදෙස් මාධ්‍ය වෙත මෙවර සැසියේ අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.
සැසියේ ප්‍රධාන න්‍යාය පත්‍ර එහිදී නිකුත් කෙරිණ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාව හා 14 වැනි ජාතික කමිටුවේ 2 වැනි සැසිවාරයෙන් අනතුරුව ලබා ගත් යෝජනා පිළිබඳ වාර්තාවට සවන් දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට එක්වෙමින් එහි ඉදිරිපත් කෙරෙන රාජ්‍ය කාර්ය වාර්තාව ඇතුළු සෙසු වාර්තාවලට සවන් දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එම සැසියේ න්‍යාය පත්‍රයට ඇතුළත් ය. එසේ ම, න්‍යාය පත්‍රයට අනුව, මෙවර සැසියේ දේශපාලන තීන්දු තීරණය ඇතුළු විවිධ තීන්දු තීරණ සාකච්ඡා පවත්වා සම්මත කිරීම ද සිදු කෙරේ.
අද පැවැත්වෙන මාධ්‍ය හමුවට අමතරව, ‘චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ සාමාජිකයන්’ සමග සම්මුඛ සාකච්ඡා 3ක් පැවැත්වෙනු ඇති බව ද Liu Jieyi මහතා කියා සිටියේය.
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 3 වැනි සැසිය දින 6ක් පැවැත්වෙනු ඇති අතර එළඹෙන 10 වැනි දා උදෑසන එය නිමාවට පත් වනු ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්