‘Taibei සම්බන්ධීකරණ කාර්යාලය’ සිය පරිපාලන අගනගරයෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකාව ගත් පියවර පිළිබඳව චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි.
අද(18) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය චීනයේ ස්ථාවරය ප්‍රකාශ කර ඇත.
එකම චීනය මූලධර්මය, චීනය ලෝකයේ විවිධ රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඇති කිරීමේ හා වර්ධනය කිරීමේ දේශපාලන පදනමක් වන අතර එය පොදු පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර සම්බන්ධතාව පිළිබඳ උපමානයක් බව ඇය එහිදී පෙන්වා දී තිබේ. ‘Taibei සම්බන්ධීකරණ කාර්යාලය’ Pretoria අගනගරයෙන් ඉවත් කිරීම, දකුණු අප්‍රිකාව ගත් නිවැරදි ප්‍රශංසනීය තීරණයකි. එමෙන්ම මෙවැනි තීරණ හේතුවෙන් තායිවාන බෙදුම්වාදීන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ වීම නිසැක බව ඇය අවධාරණය කර ඇත.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්