මෙක්සිකෝ බොක්ක “අලුතින් නම් කිරීම”, පැනමා ඇළ “නැවත ලබා ගැනීම”, ග්‍රීන්ලන්තය “මිලදී ගැනීම” යනාදී ප්‍රකාශයන්, දේශභූමි ව්‍යාප්ත කිරීමට ඇමරිකා නව පරිපාලනය සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් යුධමය හෝ ආර්ථික බලපෑම් පියවරයන්ට සීමා නොවන බවට ඇමරිකාව දැක්වූ ආකල්පය ජාත්‍යන්තයේ දැඩි කණස්සල්ලට ලක්ව ඇත. චීන මාධ්‍ය සමූහයේ CGTN නාළිකාව සිදු කළ සමීක්ෂණයකදී, ඊට එක්වූවන්ගෙන් 78.6% ක් ඇමරිකා නව පරිපාලනයේ ක්‍රියාව හෙළා දුටුවේ, එය කුරිරු පාලනයක් මෙන්ම ආධිපත්‍යයක් ලෙසට හඳුන්වමිනි.
ඇමරිකානු රජය “බටහිර අර්ධගෝල භූමි ප්‍රදේශය අලුතින් සිතියම් කිරීමේ” අභිලාෂය එමගින් පිළිබිඹු වෙයි. මෙවර සමීක්ෂණයට එක්වූවන්ගෙන් 82.1% ක් සඳහන් කළේ “පළමුව ඇමරිකාව” යන ප්‍රතිපත්තිය වඩාත් රැඩිකල් වනු ඇති බවයි. එහි විදේශ ප්‍රතිපත්ති පෙරට වඩා වැඩි ප්‍රහාරාත්මක වනු ඇතැයි ද සඳහන්ය. ඇමරිකාවේ භෞමික ව්‍යාප්ති සැලැස්ම ගෝලීය ආතතීන් උත්සන්න කරමින් කලාපීය සාමය හා ලෝක ස්ථාවරත්වයට හානි සිදු කරනු ඇතැයි ද ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 84.9% ක් සඳහන් කළහ.
මෙම සමීක්ෂණය CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු භාෂාවලින් පැය 24ක් ඇතුළත නිකුත් කරන ලද අතර, ප්‍රතිචාර දැක්වූවන් 7,083ක් මත පළ කිරීමට සහභාගී වූහ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ