මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්)මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ(07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ විවිධ අණ පනත් හරහා මහපොල භාරකාර අරමුදලින් බැහැර කර ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.
ඒ අනුව එම අණපනත් අහෝසි කර ,ස්ලිට් ආයතනය මහපොළ භාරකාර අරමුදලට නැවත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති