ඊයේ(8) දහවල් කාලයේ චීනයේ Sichuan පළාතේ Yibin නගරයේ Junlian කෝරළයේ Jinping ගම්මානයේ නායයාම් ආපදා තත්ත්වයක් වාර්තා විය. ඊයේ(08) පස්වරු 5 වන විට ජන නිවෙස් 10ක් පමණ ගිලා බැස ඇති අතර 30කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇත.
මෙම ආපදා තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් උපදෙස් ලබාදී ඇත. අතුරුදන්ව සිටින පුද්ගලයින් සෙවීම කඩිනම් කර ඔවුන්ට සහන සැලසිය යුතු බවත් ජීවිත හානි අවම කිරීමට උත්සාහ කළ යුතු අතර පශ්චාත් ආපදා කටයුතු මනා ලෙස සිදු කළ යුතු බවත් ඔහු කියාසිටියේය. අධීක්ෂණ හා අනතුරු ඇඟවීම් තහවුරු කරමින් විද්‍යාත්මකව සහන සැපයීමේ කටයුතු සිදු කළ යුතු අතර, අතුරු විපත් වැළැක්වීමට ක්‍රියා කළ යුතුය. අවදානම් පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වමින් විවිධ විපත් හා ආරක්ෂක අවදානම් පිළිබඳ විමර්ශනය හා හඳුනා ගැනීම ශක්තිමත් කර ගත යුතුය. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට බරපතල විපත් සිදු වීම වළක්වා ගැනීමට වගකීමෙන් යුතුව හා ස්ථිරව ක්‍රියා කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ