චීනය Shenzhou-17 ගගනගාමීන් අභ්‍යවකාශ පියාසර යානය මෙහෙයුම් ආරම්භ කරන බව අද(25) මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යකාශ ඒජන්සිය නිවේදනය කර තිබේ. Shenzhou-17 කාර්යමණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය හෙට (26) බෙයිජිං වේලාවෙන් පෙ.ව. 11:14 ට වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කෙරෙන බව අභ්‍යවකාශ ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Lin Xiqiang මහතා පැවසීය.
Shenzhou-17 මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස Tang Hongbo චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නැවත පැමිණෙන පළමු ගගනගාමියා වනු ඇත. ඔහුට 2021 නොවැම්බර් මාසයේදී තුන්වන පන්තියේ පදක්කමක් සහ “වීර ගගනගාමියා” යන ගෞරව නාමය හිමි විය.
චීනයේ දෙවන ගගනගාමී කණ්ඩායමෙන් එක් ප්‍රවීණයෙකු සහ තුන්වන ගගනගාමී කණ්ඩායමේ අභ්‍යවකාශ ගගනගාමීන් දෙදෙනෙකුගෙන් අභ්‍යවකාශ පියාසර කණ්ඩායම සමන්විත වන පළමු අවස්ථාව මෙයයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ