ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් ‘ත්‍රස්ත විරෝධී සහයෝගිතා – 2024’ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී අභ්‍යාසය පවත්වයි.
එම සංවිධානයේ සාමාජික රටවල කළමනාකරණ අංශයන්හි ප්‍රධානත්වයෙන් එම ත්‍රස්ත විරෝධී අභ්‍යාසය පසුගියදා චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේදී පැවැත්විණ. ශැංහයි සහයෝගිතා සංවිධානයේ සමස්ත සාමාජික රටවල කළමනාකරණ අංශ විසින් පවත්වන ලද ප්‍රථම හමුදා සහ පොලිස් බලකා සහිත ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී අභ්‍යාසය මෙය යි. චීනය එම සංවිධානයේ හා කලාපීය ත්‍රස්ත විරෝධී ආයතනයේ සභාපතිත්වයට පත්වීමෙන් පසු සිදු කෙරුණු නීති බලාත්මක කිරීම හා ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ වැදගත් ප්‍රතිඵලයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
මෙවර අදාළ අභ්‍යාස සිදුකෙරුණේ, ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලදී ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී අභ්‍යාස පැවැත්වීමේ ක්‍රියා පටිපාටි පිළිබඳ ගිවිසුම්වලට අනුකූලවයි.
More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා