කොළඹ වරාය නගරයේ ඉදිකළ ඇවිදීමේ මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ඊයෙ (9) විවෘත කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණී. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.
මෙම ඇවිදීමේ මංතීරුව අද (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමට අවස්ථාව ලැබේ.





More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති