විදේශීය

සඳුදා අලුයම තුර්කියේ Gaziantep ආසන්නයේ රාත්‍රී කාලයේ දී ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පසුගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇත.ගිනිකොනදිග තුර්කියේ සිට උතුරු සිරියාව දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් හරහාමේ වන විට දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වේ. ශීත කාලගුණයෙන් ඊට බාධා වී ඇති බව ද වාර්තා වේ මේ වන විට දෙරටේම තහවුරු වූ මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇත, නමුත් එය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 15,000ක් පමණ තුවාල ලබා ඇත සුන්බුන්වල සිරවී සිටින අය සොයා ගැනීමට ලොව පුරා ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් යොදවා ඇත. ඉදිරි පැය කිහිපයතීරණාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් විපතට පත් වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන්  ඇතුළු ජාත්‍යන්තරසංවිධාන රැසක සහයෝගය හිමි වී ඇත. දකුණු තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (6) ප්‍රබල භූ කම්පන හටගෙන තිබේ. විපතට පත් ප්‍රදේශවලට සහ ජනතාවටමානුෂීය ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් පශ්චාත් ආපදා සහන මෙහෙයුම් එදිනම දියත් කළේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සහයදැක්වීමේ ක්‍රියාකාරකම්වලට එක්සත් ජාතීන් උපරිමයෙන් කටයුතු කරන බවයි. ව්‍යසනයෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවටඋපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය සහය ලබා දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව දහෙතෙම පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා විපතට පත් පුද්ගලයින්ට සහය ලබා දීමට සහ ඔවුන්ට මෙම ඛේදවාචකයෙන් සිදු වූ හානිවෙනුවෙන් උපකාර කිරීමට සූදානම් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom...
ආසියා-පැසිෆික් කලාපය භූ දේශපාලන තරඟය සඳහා සටන් බිමක් නොවන අතර, සීතල යුද මානසිකත්වයෙන් යුතු...
චීන අග්‍රාමාත්‍යවරයා චීන මහජන බැංකුවේ හා විදේශ විනිමය කටයුතු පිළිබඳ පරිපාලන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක...
චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව ඊයේ (28) චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ....
චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදාවීමට පෙර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් බිම් මට්ටමේ නිලධාරීන්හා ජනතාව හමු වෙමින්, විවිධ ජන කොටස් වෙත නව වසරට හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇත.  ජනතාවට සෞඛ්‍යය, සතුට ලැබේවායැයි ද ව්‍යාපාර සාර්ථක වේවායැයි ද සුබ පැතූ ඔහු, රටේ සෞභාග්‍යය හා සාමය සඳහා දසුබ ප්‍රාර්ථනා කර ඇත. ඔහු විශේෂයෙන් ෆූ ජියන් පළාතේ ෆූ චෞ නගරයේ සමාජ සුබසාධන ආයතනයේ වැඩිහිටියන් හා සේවකයින් සමග වීඩියෝආකාරයෙන් හමු විය. ඔවුන් ජනාධිපතිවරයාට ආචාර දැක්වූ අතර ජනාධිපතිවරයා ඔවුන්ට නව වසරට සුබ පැතුම් පිරිනැමුවේය.  අනතුරුව ෂී ජින්පිං මහතා දුම්රිය සේවාවෙහි නිරතව සිටි සේවකයින් වීඩියෝ තාක්ෂණයෙන් හමු විය. වේදිකාවේ සිටි මගීහූවිද්‍යුත් තිරයේ පෙනී සිටින ෂී ජින්පිං මහතා දැක සැනෙකින් ඉතා උනන්දුවෙන් ඔහු වෙත ආචාර දැක්වූහ. Sichuan පළාතේ Shiyi ගම්මානය, Wenchuan භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණ කර, වර්තමානයේ එය චීනයේ ශිෂ්ඨාචාරයපිළිබඳ ජාතික ආදර්ශ ගම්මානයක් බවට පත්ව ඇත. ගම්මානයේ නායකයින් හා එහි සංචාරකයින් සමඟ චීන ජනාධිපති ෂී ජින් පිංමහතා වීඩියෝ ආකාරයෙන් සංවාදයක නිරත විය. ගම්මානයේ ආදායම සහ වසන්ත උත්සව කාලය නිමිත්තෙන් එහි සංචාරකකර්මාන්තය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.  Heilongjiang පළාතේ Harbin වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ වෛද්‍ය සේවකයින් හා රෝගීන් වෙත ද ෂීජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් සුබ පැතුම් එක් කළේය. රටේ වසංගත පාලන ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය කිරීමෙන් පසුවරෝහලේ උණ රෝගී අංශයේ තත්ත්වය, බරපතල රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඖෂධ සැපයුම හා රෝගීන්ගේ පුනරුත්ථාපනයපිළිබඳව ෂී ජින්පිං මහතා සවිස්තරාත්මකව විමසා බැලුවේය. අවසානයේ ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය. ගෙවී ගිය වසර, අසාමාන්‍ය හා අසීරු වසරක් බවත් අප එක්ව විවිධදුෂ්කරතා හා අභියෝග ජය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. එම ජයග්‍රහණයට සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දී ඇත. නව වසර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය මුළුමනින්ම අනුගමනය කිරීමේ ආරම්භක වසරය. විශ්වාසය තහවුරු කර ගෙන, එක්සිත්ව වැඩ කරමින් නව වසරේදී වඩාත් වැඩි ජයග්‍රහණ දිනා ගැනීමට උත්සාහ දැරීමට ඔහුඑහිදී ජනතාව වෙත බලාපොරොත්තු එක් කළේය.
WP Twitter Auto Publish Powered By : XYZScripts.com