නිව් ඩයමන්ඩ් තෙල් නෞකාව පතුලේ විවරයන් 2ක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් නිරීක්ෂණය කර තිබේ.
ඉන් එක් විවරයකින් එන්ජින් කාමරයේ ඇති දැවි තෙල් මිශ්‍ර ජලය මුහුදට මුසුවන බව නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
එක් විවරයක් ඊයේ සවස නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මගින් පිළිසකර කළ බව ද ඒ් මහතා සදහන් කළේය.
නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ දැනට නෞකාව මඩලකලපුවට මුහුදු සැතපුම් 50 ක පමණ දුරින් පවතින බවයි.
නැව සම්බන්ධ කටයුතු මේ වනවිට එම නැව අයත් සමාගම මගින් පත් කළ ගලවා ගැනීමේ සමාගම මගින් සිදු කරන අතර, එම කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව නිරීක්ෂණය කරන බව ද කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති