ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොමු කළ බව නාවික හමුදාව පවසනවා.
අම්පාර, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30ක් දුරින් ඊයේ දිනයේදී පැවති නෞකාව ඒකාබද්ධ ආපදා කළමනාකරණ මෙහෙයුම් කණ්ඩායම් විසින් අද වන විට නාවික සැතපුම් 40ක් දක්වා දුරකට රැගෙන යාමට පියවර ගත් බවයි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
මේ අතර නෞකාවේ සිට කිලෝමීටරයක් දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇති අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ඩ්‍රෝනීය ගුවන් යානා මගින් විශේෂ රසායනික ද්‍රව්‍යයක් ඉසිමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති