නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත. අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගෙන ඇත. පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව යළි ව්‍යාපෘතිය නවතා දැමීම සිදු කළ නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.
LRT ව්‍යාපෘතිය යළි ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු