රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉහළගමගේ දර්ශන නොහොත් අයි.ඩී නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 100 ක් ද සොයාගෙන ඇත.
අදාළ පුද්ගලයා අයි.ඩී නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මූල්‍ය කටයුතු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නා ලෙස කටයුතු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති