ජී එස් පී ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් 05 දෙනෙකු ලබන සඳුදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔවුන් රජයේ හා විපක්ෂයේ නියෝජිතයන් මෙන්ම වෘත්තීය සමිති ඇතුලු පාර්ශව සමග සාකච්ඡා කිරීමයි සැළසුම් කර ඇත්තේ.
ජී එස් පී ප්ලස් බදු සහනය ලබාදීමට අදාළව ශ්‍රී ලංකාව, මානව හිමිකම් – ජාත්‍යන්තර කම්කරු ප්‍රඥ්ප්තීන් ඇතුලු එකගවී ඇති සම්මුතීන්වලට යටත්ව කටයුතු කරන්නේද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව සදහන්.
මෙහිදී රැස්කර ගන්නා තොරතුරු යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු