මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයෙන් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් GPS තාක්ෂණය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව වාර්තා වන අතර ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වන බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා කිසියම් පුද්ගලයකු විසින් මෙහෙයවා ඇති අතර ම යුවළ මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් තැරැව්කරුවන් බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත.
මොවුන්ව මෙහෙයවූ පුද්ගලයා කවුරුන්ද යන්න ඉමෝ මාධ්‍යය හරහා රහස්‍ය ලෙස මෙම යුවල සම්බන්ධ කර ගැනීම හේතුවෙන් ඔහු කවුරුන්ද යන්න සොයා ගන්න අපහසු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා සිටි බවට පැවසෙන මහනුවර සහ මීගමුව ප්‍රදේශවල නිවාස 7ක් පසුගියදා පොලීසිය පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඒවායේ තිබී කිසිවක් හමුවී නැත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති