රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරී පත්වී තිබේ.
ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබේ.
මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත් කෙරුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
සෙසු තනතුරුවල වෙනසක් සිදුව නැත.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්