ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා වල නිරත වූ නිරායුධ සිවිල් ජනතාවට රඹුක්කන ප‍්‍රදේශයේ දී ආරක්ෂක අංශ මගින් එල්ල කරන ලද මාරාන්තික සහ ම්ලේච්ඡ ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනය කළා.
එහි දැක්වෙන්නේ අවම බලය භාවිතා කිරීම වෙනුවට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
ඊට වගකිව යුතු සියලූම දෙනා සම්බන්ධයෙන් දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතු බවත්, මෙම සිදුවීමෙන් අගතියට පත් සියලූම දෙනාට වහාම සාධාරණය ඉටු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති