G7 කණ්ඩායමේ Hiroshima සමුළුවේදී චීනය හා සම්බන්ධ ප්‍රශ්න ඉස්මතු කිරීම සම්බන්ධයෙන් ඊයේ(21) චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා චීනයේ සිටින ජපන් තානාපති Hideo Tarumi කැඳවා තිබේ. එහිදී මෙම සමුළුවේදී චීනය හා සම්බන්ධ ප්‍රශ්න අනවශ්‍ය ලෙස ඉස්මතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබේ.
G7 කණ්ඩායමේ ක්‍රියාවන් ඉතිහාසයේ ප්‍රවණතාවයන්ට, සත්‍යයට සහ ජාත්‍යන්තර යුක්තියට පටහැනි බව Sun Weidong මහතා එහිදී ප්‍රකාශ කළේය. ජපානය, මේ වසරේ G7 කණ්ඩායමේ සභාපති රට ලෙස, Hiroshima සමුළුවේදී සිදු කළ ක්‍රියාකාරකම් සහ ඒකාබද්ධ ප්‍රකාශනය තුළ චීනයට මඩ ගැසීමට සහ පහර දීමට අදාළ රටවල් සමග කටයුතු කර ඇත. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමකි. ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම, චීන-ජපාන දේශපාලන ලේඛන හතරේ ජීවගුණය උල්ලංඝනය කරමින්, චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ සංවර්ධන ජයග්‍රහණයට හානි සිදු කර ඇත. චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්