ලොව වඩාත් සංවර්ධිත රාජ්‍යයන් විස්සේ නායකයන්, ගෝලීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කරන G 20 සමුළුව අද රෝමයේදී ආරම්භ වනවා.
එහිදී ඔවුන් ග්ලාස්ගෝ කාලගුණ සමුළුවට පෙර ගෝලීය උණුසුම, ඇතුලු ඊට අදාළ කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ඇති.
ඊට අමතරව කොරෝනා වසංගතයෙන් පසු ගෝලීය ආර්ථිකය යළි ගොඩනැගීම ඔවුන්ගේ ප්‍රධාන සාකච්ඡා මාතෘකාව වනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා
සමුළුවට පෙර ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් සංවර්ධිත රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියේ කාලගුණ වෙනසට ප්‍රතිචාර දැක්වීමේ දී වඩාත් ක්‍රියාකාරී අන්දමින් කටයුතු කරන ලෙසයි.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද සමුළුවට සහභාගිවීමට නියමිතව ඇති අතර රෝම අගනුවර ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව සඳහන්.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින්, සමුළුවට එක්වන්නේ වීඩියෝ තාක්ෂණයෙන්.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්